Is Jesus the only way to Heaven


ස්වර්ගය සඳහා ඇති එකම මග ක්‍රිස්තුස් වහන්සේද?

මූලික වශයෙන් ගත් කල මම යහපත් මනුෂ්‍යයෙකි. ඒ නිසා මම ස්වර්ගයට යනවා. ඉතින් මම සමහර වැරදි දේද කරනවා. එහෙත් මම යහපත් දේ කරන්න නිරත වෙනවා. එම නිසා මට ස්වර්ගයට යන්න හැකි වනවා. මම ශුද්ධ ලියවිල්ලට පටහැනිව ජීවත්වූ පමණට දෙවියන්වහන්සේ මාව නිරයට හෙළන්නේ නැහැ. කාලය දැන් වෙනස්වී ඇත. සැබවින්ම දරුවන්ට අඩන්තේටිටම් කරන අය සහ මිනීමරුවන් නිරයට යනවා.

මේ සියල්ල බොහෝ මිනිසුන් අතර දක්නට ලැබෙණ පොදු මූලික කාරණයන්ය. එහෙත් සත්‍ය නම් මේ සියල්ල බොරුය. යක්‍ෂයා, මේ ලෝකයේ පාලකයා අපගේ මනසේ සිතුවිලි වල මේවා තැන්පත් කරයි. සාතන් සහ ඌගේ මාර්ග අනුගමනය කරන කිසිවෙක් සිටිත්ද, ඔවුන් දෙවියන් වහන්සේගේ සතුරන් වෙති (1 පේත්‍රැස් 5 : 8). සාතන් නිතරම ව්‍යාජ ස්වරූපයක් (වෙස් වළා ගන්නවා) මවා පානවා ඌ යහපත් යැයි පෙන්වන පිණිස (2 කොරින්ති 11 : 14). එහෙත් දෙවියන් වහන්සේට අයත් නොවන සියල්ලන්ගේ මනස් පාලනය කරන්නට ඌට හැකිය. යක්‍ෂයා, මේ දුෂ්ට ලෝකයේ පාලකයා, දෙවියන් වහන්සේ කෙරෙහි ඇදැහිල්ල නැති අයගේ මනස් අන්ධ (අඳුරු) කර ඇත. එම නිසාම ඒ අයට දෙවියන් වහන්සේගේ මහිමාන්විත ආලෝකය වන ශුභ ආරංචිය ඔවුන්ට ආවරණය වී නැත. ඔවුන් හට යේසුස් වහන්සේගේ මහිමාන්විත පණිවිඩය තේරුම්ගත නොහැක. එම නිසා දෙවියන් වහන්සේගේ සමාන ස්වරූපය ඇති යේසුස් වහන්සේව දැක ගත නොහැක (2 කොරින්ති 4 : 4).

දෙවියන් වහන්සේ අපගේ කුඩා පව් ගැන සැලකිලිමත් නොවන බව විශ්වාස කිරීම මුසාවකි, එසේම නිරය නරක මිනිසුන් සඳහා පමණක් වෙන් කර ඇත යන්නද බොරුවකි. සෑම පාපයක්ම අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කරයි, ඉතා කුඩා සුදු බොරුවක් වූවත් (රෝම 3 : 23). ස්වර්ග රාජ්‍යයට යාම රඳා පවතින්නේ අප කරන හොඳ හෝ නරක දේ වල බරපතල කම (ප්‍රමාණය) අනුව නොවෙයි. එය එසේ නම් අප සියලු දෙනාම ස්වර්ග රාජ්‍යය අහිමි කරගන්නවා ඇත. එසේ නම් දෙවියන් වහන්සේගේ කරුණාව නිසා අපි ගැලවීම ලැබුවහු නම්, එය අපගේ යහපත් ක්‍රියා නිසා උරුම කර ගත් දෙයක් විය නොහැක (රෝම 11 : 6). අප කල හොඳ පමණින් ස්වර්ගයට යාමට බැරිය (තීතස් 3 : 5).

ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් විය හැක්කේ පටු දොරටුවෙන් පමණකි. නිරයේ දොරටුව ඉතාම පළල්ය. ඉතා පහසු මාර්ග තෝරා ගත් අයට නිරයේ දොරටු ව්‍යාප්තව පැතිර තිබෙනවා (මතෙව් 7 : 13). සියලු දෙනාම පාපි ජීවිත ගත කරමින්, දෙවියන් වහන්සේ ගැන විශ්වාසයෙන් සිටියත්, උන් වහන්සේ පාපයට කිසිඳු සමාවක් දෙන්නේ නැත. පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන්නාවූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවා යෙහි හැසුරුණහුය (ඒපීස 2 : 2).

දෙවියන් වහන්සේ මේ ලෝකය මවා නිම කළ පසු එය පරිපුර්ණ (අනර්ඝ) විය. සෑම දෙයම යහපත් විය. ඉන්පසු උන් වහන්සේ ආදම් සහ ඒව මවා ඔවුන්ට නිදහස් කැමැත්ත දුන් සේක. ඒ නිසා ඔවුන්ට හැකියාව තිබුණා උන් වහන්සේව අනුගමනය කර කීකරු වන්නටත්, උන් වහන්සේව ප්‍රතික්ෂේප කරන්නටත්. එහෙත් දෙවියන් වහන්සේගේ පළමු මැවිල්ල වන ආදම් සහ ඒව යක්‍ෂයාගේ පරික්‍ෂාවට හසුවී උන් වහන්සේට අකීකරුවී පව් කළහ. එමනිසාම පාපය ඔවූන්ද, (අන් සියලු දෙනාද, අප ඇතුළුව) දෙවියන් වහන්සේ සමඟ තිබෙන්නාවු සමීප සමීබන්ධතාවයෙන් අප ඈත් කර වෙන් කළහ. උන් වහන්සේ ශ්‍රේෂ්ඨය, ශුද්ධය, පාපය විනිශ්චය කළ යුතු තැනන් වහන්සේය. පව්කරුවන් වශයෙන් අපට තනිවම ස්වර්ගය හිමි කර කරගන්නට බැරිය. එම නිසා ස්වර්ගයෙහි අප උන් වහන්සේ සමඟ ඒකාබද්ධ වීමට මඟක් සැලසූ සේක. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහා ගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය (යොහන් 3 : 16). පාපයේ කුලිය නම්මරණයය, නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය (රෝම 6 : 23). ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබුවේ අපට මාර්ගය උගන්වන පිණිසත්, අපගේ පාප සඳහා උන්වන්සේ මරණයට පත් වන පිණිසත්ය. උන් වහන්සේගේ මරණින් තුන් දිනකට පසු උත්ථානවී (රෝම 4 : 25) මරණයට එරෙහිව ජයග්‍රහනය ඔප්පු කර පෙන්විය. එමගින් උන් වහන්සේ දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර ඇති පරතරය පාලමක් සේ යාකල නිසා අපේ ඇදැහිල්ල තුලින් උන් වහන්සේ සමඟ අපගේ පෞද්ගලික සම්බන්ධතාවය ඇති කර ගැනීමට හැකි විය.

සදාකාල ජීවනය නම් මෙය වේ. එකම සැබෑවු දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳින ගැනීමය (යොහන් 17 : 3). බොහෝ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තබනවා, සාතන්ද එසේ කරනවා. එහෙත් ගැලවීම ලබා ගැනීමට නම්, අපි උන් වහන්සේ වෙතට හැරිය යුතුය. අපගේ පාපි ක්‍රම වලින් මිදී එතුමන් සමඟ පෞද්ගලික සම්බන්ධතාවයක් ගොඩ නගා ගෙන උන් වහන්සේව අනු ගමනය කළ යුතුය. අපි සියල්ලෙහිදි ක්‍රිස්තුස් වහන්සේ ගැන විශ්වාසය තබා අප කරන සියල්ලෙහිදීද උන් වහන්සේ ගැන ඇදහිය යුතුය (රෝම 3 : 23). ශුද්ධ ලියවිල්ලේ අපට උගන්වන්නේ ක්‍රිස්තුස් වහන්සේ හැර වෙන මාර්ගයක් නැති බවය. යොහන් 14: 6 යේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා මාර්ගයද, සැබෑවද, ජීවනයද, මමය. මා කරණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.

ගැලවීමේ මාර්ගය නම් යේසුස් පමණි. අපේ පාප වලට කුලිය ගෙව්වේ උන් වහන්සේ පමණි (රෝම 6 : 23). වෙන කිසිම දහම් මගකින් අපට උගන්වන්නේ නැහැ පාපයේ බරපතල කම සහ එයින් ඇතිවන විපාක. වෙන කිසිම දහමකින් උගන්වන්නේ නැහැ පාපයේ ගැඹුරුකම හෝ බරපතල කම සහ එහි ඇති ප්‍රතිවිපාකය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ අපේ පාපයට අප්‍රමාණ කුලිය ගෙව්වාසේ වෙන කිසිම දහමකින් ප්‍රතිඥාවක් දෙන්නේද නැත. වෙන කිසිම ආගමික ආදි කර්තෘවරයෙක් දෙවියන් වහන්සේ මෙන් මනුෂ්‍යයකු නොවීම (යොහන් 1 : 1, 14) සහ පාපයේ ණය ගෙවීම. දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් තුළින් මනුෂ්‍යයකුවී අපගේ ණය ගෙව්වා. යේසුස් මනුෂ්‍යයෙකුවී මරණයට පත් උනා. ගැලවීම ලැබිය හැක්කේ යේසුස් ක්‍රිස්තුස් තුළ ඇදැහිල්ලෙන් පමණි! වෙන කිසිවෙකු තුළ ගැලවීම නැත්තේය. මක්නිසාද අපේ ගැලවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය (ක්‍රියා 4 : 12).

ඔබට යේසුස් ක්‍රිස්තුස් ඔබගේ ගැලවුම්කරුවානන් ලෙස පිලිගැනීමට අවශ්‍යය නම් ඒ සඳහා සුදුසු යාච්ඤාවක් පහත දක්වයි. මෙම යාච්ඤාව හෝ වෙන යම් යාච්ඤාවක් කිරීමෙන් ඔබ ගලවනු ලබන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් පමණක් ඔබව පාපයෙන් ගලවා ගත හැක. මෙම යාච්ඤාව ඉතා සරලව දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ දක්වන විශ්වාසය පෙන්වීමටත් ඔබට ගැලවීම ප්‍රදානය කරීම ගැන ස්තුති කිරීමටත් සුදුසුවේ.

දෙවියන් වහන්ස මම ඔබට විරුද්ධව පව් කල බවත්, ඒ සඳහා දඬුවම්ලැබීමට සුදුසු බවත් දනිමි. යේසුස් ක්‍රිස්තුස් මා ලැබිය යුතු දඬුවම රුගෙන ඒ මගින් මට ගැලවීම ඇති බව විශ්වාස කරමි. මම පාපයෙන් මිදී ඔබගේ ගැලවීම කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ අනුග්‍රහය, සමාව සහ සදාකාල ජීවනය ගැන ස්තුතියි. ආමෙන්! (ආමෙන් යන වචනයේ තේරුම - එසේම වේවා)




AMAZING GRACE BIBLE INSTITUTE